Trending Newsඑසැන පුවත්දේශීය

නායයෑම් වලින් අතුරුදන් වූවන්ගේ නිවැරැදි සංඛ්‍යාලේඛන නැහැ – සහන සේවා කණ්ඩායම් අසීරුවට

සුළි කුනාටුවත් සමග මෙරට ඇතිවූ මහා පරිමාණ නාය යෑම් කිහිපයකින්ම අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් නවතා දැමීමට සිදුව ඇති බව වාර්තාවෙයි. ඊට හේතු වී ඇත්තේ මාර්ග අවහිරතා මත එම ස්ථානයන්ට ළඟාවීමට නොහැකි වීම, බරපතළ ආකාරයෙන් නාය ගොස් තිබීම ආදියයි.

එම පස් කඳුවලට යට වී තවත් මළසිරැරු සැලකිය යුතු ප්‍රමාණයක් තිබිය හැකි බවට ද සහන කණ්ඩායම් අනුමාන කරති.

අලවතුගොඩ, උඩුදුම්බර, මීමුරේ, ගම්පොළ රඹුක්කන ආදී ප්‍රදේශවල මේ ආකාරයේ මහා පරිමාණ නාය යම් සිදු වී ඇති අතර ඒවායේ තවදුරටත් මෙහෙයුම් කිරීම ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව තිබේ.

ඒවායේ නාය යාමෙන් අතුරුදහන් වූවන්ගේ නිවැරදි සංඛ්‍යාලේඛන පවා මේ වන තෙක් සකස් කර ගැනීමට නොහැකි වී ඇත.

කෙසේ වෙතත් මාර්ගවල ගමන් කිරීමමට හැකි තත්ත්වයකට පත් වූ පසුව නැවත අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට සහන කණ්ඩායම් බලාපොරොත්තුවෙන්  සිටියි.

Related posts

சிரியாவில் தொடர்ந்தும் பொதுமக்கள் மீது தாக்குதல்கள்

Mohamed Dilsad

Malinga roars back into form with seven-wicket haul

Mohamed Dilsad

திரிவுபடுத்தப்பட்ட செய்தி தொடர்பில் சட்ட நடவடிக்கை – பௌசி

Mohamed Dilsad

Leave a Comment