Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න USAID ආධාර දුන් හැටි හෙළිදරව්වක්

USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය පිළිබඳ මේ දිනවල මතුව ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක කතාබහකි. එවන් පසුබිමක USAID, ගෙවුණු වසර කිහිපය තුළ මුදල් වැයකළ ව්‍යාපෘති සම්බන්ධ වාර්තාවක් ද ට්‍රම්ප් පාලනය විසින් අනාවරණ කරනු ලැබීය.

මේ අතර ඉන්දීය මාධ්‍ය කිහිපයක් වාර්තාකර තිබුණේ ශ්‍රී ලංකාව බංග්ලාදේය ,යුක්රේනය , සිරියාව, පාකිස්තානය හා ඉන්දියාව ඇතුළු රටවල් 9ක ආණ්ඩු වෙනස් කිරීම සඳහා මෙම ආයතනය ඩොලර් මිලියන 260ක් වියදම් කර ඇති බවය. එමෙන්ම අමෙරිකානු රාජ්‍ය ආයතනවල මූල්‍ය වංචා සෙවීමට පත්කළ ඩොජ් (DOGE) ආයතනයේ ප්‍රධානී ඊලෝන් මස්ක් ද ඊයේ (11) අනාවරණ කළේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කිරීමට USAID මුදල් වැය කර ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට, ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය මත පදනම් වී භාෂා භාවිත කිරීමෙන් වළකින ආකාරය පිළිබඳ වැඩමුළු පවත්වා ඇති බවත් ඊට වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක් බවත් ට්‍රම්ප් පරිපාලනය අනාවරණ කර තිබුණි. ඔවුන් එය හඳුන්වාදී තිබුණේ විකාරරූපී ව්‍යාපෘතියක් ලෙසය.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත ඊයේ ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණේ USAID  අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් ස්ත්‍රීලිංග හා පුරුෂලිංග පද භාවිත නොකර සිටීමට දැනුවත් කිරීම වැනි සුළු කාරණයක් සඳහා වැය කිරීම සැක සහිත බැවින් එම මුදල් භාවිත කළේ කුමක් සඳහාදැයි සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසටය.

එසේම  USAID ආයතනය ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක ආණ්ඩු පෙරළි සිදුකිරීම සඳහා මුදල් යොදවා ඇති බව හෙළිවීම බරපතළ තත්ත්වයක් බවද ඔහු පෙන්වා දී තිබේ. මේ අතර ඒ පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලා අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් සිදු කළේය.

Related posts

Hotline introduced to crackdown acts of sabotage

Mohamed Dilsad

කොවිඩ් -19 අරමුදලේ ශේෂය රු. මිලියන 800 ඉක්මවයි

Mohamed Dilsad

විදුලිය ඇනහිටීම් හේතුවෙන් ආපනශාලා හිමියන්ට මූල්‍යමය වශයෙන් පාඩු

Mohamed Dilsad

Leave a Comment