හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිලට ගොස් ඊයේ(22) ආශීර්වාද ලබාගෙන ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මදුරෙයි හි මීනාක්ෂි අම්මාන් කෝවිලට ඊයේ (22) පැමිණියේ, මහජන මුදල් අවභාවිත නඩුවකින් මාස කිහිපයකට පසුව වීම විශේෂත්වයක් බවයි.
හිටපු ජනාධිපතිවරයා සහ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් ප්‍රාදේශීය පොලිසිය විසින් දැඩි ආරක්ෂක විධිවිධාන යොදාතිබුණ බවද, ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.
වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ ඉන්දියාව බලා ගියේ පසුගිය සිකුරාදාය.
ලෝක ප්‍රසිද්ධ මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිල දිනපතා එරට සහ විදේශයන් දහස් ගණනක් බැතිමතුන් ගේ වන්දනාවට පාත්‍රවන ස්ථානයක් බව සදහන්.
