Trending Newsඑසැන පුවත්දේශීය

අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමටවත්, මේ ආණ්ඩුවට බැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ගෙන්වා රෝහල් වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකරන්නේ නම් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවත් දැඩි කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

ඒ මහතා මෙසේද කීවේය. “දැන් මේ සමහරු පෙන්වන්න හදනවා අපි වැඩවර්ජනය කරනවා, රෝගීන්ට ප්‍රතිකාර කරන එකෙන් අයින්වෙලා, රෝගීන්ගෙ ජීවිත බිල්ලට අරගෙන කියලා කියන්න හදනවා. එහෙම දෙයක් රෝහල් පද්ධතිය ඇතුළෙ වෙන්නෙ නෑ. බොහොම සරලව සහ පැහැදිලිව අපි ඉල්ලන්නෙ එකම එක කාරණයයි. ඒ තමයි රෝහල් පද්ධතියේ නැති බෙහෙත් ටික ජනතාවට ගෙනත් දෙන්න. හෘද සැත්කමකට රෝගියෙක් එනකොට – දැන් මේ මාස ගාණක්, අවුරුදු ගාණක් පොරොත්තු ලේඛනයේ ඉඳලා තමයි රෝගියාට දිනය ලැබෙන්නෙ. ඒ ආවාට පස්සෙ අවශ්‍ය උපකරණ ටික නෑ. එතකොට රෝගියාට පිටින් ගේන්න වෙනවා. රුපියල් ලක්ෂයකට වැඩි වියදමක් යනවා ඒ උපකරණ ටික අරගෙන එන්න. රෝගියාට තීරණය කරන්න වෙනවා ගෙවල් දොරවල් විකුණලා හරි මේ රුපියල් ලක්ෂය, ලක්ෂ එකහමාර හොයාගෙන ඒ උපකරණ ටික ගේන්න, එහෙම නැත්නම් හිත හදාගෙන ගෙදර යන්න ඕනෙ ශල්‍යකර්මය කරගන්නෙ නැතිව තමන්ගෙ ජීවිතය ගැන තියෙන ආශාව අතහැරලා. ජනතාවගෙ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා, ඒ ටික ජනතාව අතට දීගන්න බැහැ. ආයෙ ජනතාවටම කියනවා තමන්ගෙ පොකට් එකේ සල්ලිවලින් බෙහෙත් ටික ගන්න කියලා. මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කරන්න කියලා ආපු ආණ්ඩුවක්නෙ. මේ ආණ්ඩුවට ජනවරම ලැබෙන්නෙ ඒ වෙනුවෙන් නෙ. එතකොට ඒ ජනවරමට අනුව වැඩකරන්න කියලා තමයි අපි මේ ඉල්ලන්නෙ. මේ සම්බන්ධයෙන් අපි යෝජනා ඉදිරිපත් කළා, ජනාධිපතිතුමා එකඟයි. හැබැයි දෙන්නම් කාසිවලට, වාචික පොරොන්දුවලට එහෙම වැඩකරන්න බැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ධනාත්මක, වගකීම්සහගත ප්‍රකාශයක් සෞඛ්‍ය ඇමතිතුමාගෙන් ලැබෙයි කියලා. සෞඛ්‍ය ඇමතිවරයා තමන්ගෙ භූමිකාව නිවැරදිව ඉෂ්ඨ කරන්න සූදානම් වෙන්නෙ නැත්නම් එළඹෙන සතියේ ඉඳන් අපිට සිද්ධ වෙනවා මීට වඩා දැනෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න” යැයි කීවේය.

Related posts

PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

Will ensure peace & freedom as Head of State – MS

Mohamed Dilsad

වකුගඩු සැත්කමෙන් පසු මියගිය දරුවා ගැන වෛද්‍යවරයා සාක්ෂි දෙයි

Mohamed Dilsad

Leave a Comment