Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් රැසක් හදිසි රැස්වීමක

විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් රැසක් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඵල්. පීරිස් මහතාගේ නිවසට , අද (03) කැඳවා ඇති බව වාර්තා වේ.

නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි ජී. එල්. පීරිස්ගේ නිවසට විශේෂ සාකච්ඡාවක් සඳහා මෙම කැඳවීම සිදුකර තිබෙන අතර විශේෂයෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ අලුතින් පැන ඇති දේශපාලන කාරණා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම කැඳවීම සිදුකර ඇතැයි විපක්ෂයේ නියෝජිතයෙක් සඳහන් කර සිටියේය.

මෙම මස 21 වෙනි දින නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ “මහා ජනහඬ” රැළිය සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි

Related posts

කපුටු කාක් කාක් – පාර්ලිමේන්තුවේ රැව්දෙයි

Mohamed Dilsad

இலங்கையைப் புதிய கண்ணோட்டத்தில் பார்க்க வேண்டும்

Mohamed Dilsad

පොල් සම්බල් සහ නිවෙස්වල කිරි ලෙස භාවිතයේදී පොල් විශාල ප්‍රමාණයක් අපතේ යනවා – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ

Editor O

Leave a Comment