Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභාවට සජබ සහ එජාප එකට තරඟ කිරීමේ එකඟතාවයක්…!

ඉදිරි පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනන බලවේගය එක්ව එක අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව සියලු පළාත් සභාවලට පක්ෂ දෙක ඒකාබද්ධව තරග කිරීමට නියමිතය.

පළාත් සභා මැතිවරණයට දිස්ත්‍රික්ක අනුව අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම.මැතිවරණ ලාංඡනය හා මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම වැනි කරුණු පිළිබඳව පක්ෂ දෙක අතර මේ දිනවල පැවැත්වෙන සාකච්ඡාවලදී තීරණය කෙරෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පොදු දීර්ඝ වැඩපිළිවෙලක් යටතේ එක්වීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා පක්ෂ දෙක විසින් කමිටු දෙකක් මේ වන විට පත් කර තිබෙන අතර එම කමිටු දෙකෙහි නිර්දේශ
ඉදිරි දින කිහිපය තුළ ඉදිරිපත් කිරීමට නියමිතය.

එළඹෙන පළාත් සභා මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ හැකි අපේක්ෂක කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

පසුගිය මැතිවරණවලදී පක්ෂ දෙක වෙන්ම කටයුතු කළද මින් ඉදිරියට ඒකාබද්ධව එක අපේක්ෂක ලැයිස්තුවකින් මැතිවරණ ජයග්‍රහණය සඳහා කැපවෙන බව ඒ මහතා වැඩිදුරටත් කීය.

Related posts

பொது செயலாளர் அலுவலக புகையிரத தரிப்பிடம் இன்று முதல் திறப்பு

Mohamed Dilsad

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට නියමිත මොඩියුල පිටපත්, රජයේ නිල ප්‍රකාශනයටත් පෙර පෞද්ගලික වෙළෙසැල්වල විකුණන්න දාලා

Editor O

நாட்டின் பெரும்பாலான பகுதிகளில் மாலையில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment