Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ටිරාන් අලස්ට දී තිබුණ විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ඉවත් කරයි

හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඉවත් කළ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියයි.

තමාට ජීවිත තර්ජන ඇති බවට ටිරාන් අලස් හිටපු ඇමැතිවරයා විසින් කළ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශ හා විමර්ශන මගින් එවැනි තර්ජනයක් නොමැති බවට වූ අනාවරණය මත මෙම තීරණය ගත් බවද පොලිස්පතිවරයා කීවේය.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මැති ඇමැතිවරුන්ගේ සහ ප්‍රභූ වරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාවන් ඉවත් කළද හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට ආණ්ඩුව පත්වී වසරකට අධික කාලයක් යනතුරුම ආරක්ෂාව සපයා තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 19 දෙනකු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කියා සිටියේය.

ටිරාන් අලස් හිටපු ඇමැතිවරයා විසින් තමාට දුරකථන මගින් පාතාලයෙන් ජීවිත තර්ජන එල්ල වී ඇති බවට කරන ලද පැමිණිලි ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකළ බවද පරීක්ෂණවලදී එවැනි කිසිදු තර්ජනයක් නොමැති බව අනාවරණය වූ බවද පොලිස්පතිවරයා කීවේය.

Related posts

பிரதமர் சட்டவிரோதமானது என தெரிவிக்கும் ரீட் மனு இன்று(30) விசாரணைக்கு

Mohamed Dilsad

களுத்துறை மஹ ஹீனடியங்கல சுகாதார மத்திய நிலையத்திற்கு இருக்கைகள் அமைக்கும் பணிகள் ஆரம்பம்…

Mohamed Dilsad

உயர்தர பரீட்சைக்காக விண்ணப்பிப்பதற்கு வழங்கப்பட்டுள்ள கால எல்லை

Mohamed Dilsad

Leave a Comment