සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් ප්‍රමිතියෙන් තොර ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය සහ රසායානික ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ඉකුත් 2023 හා 2024 වර්ෂවලදී රුපියල් දොළොස් කෝටි තිස් දෙලක්ෂයකට (123,243,896) අධික මුදලක් පෞද්ගලික සමාගමක් වෙත ගෙවා ඇතයි නවතම විගණන වාර්තාවකින් තහවුරුව තිබේ.
ඒ අනුව ඉකුත් 2023 වර්ෂයේදී ඒ වෙනුවෙන් රුපියල් දසකෝටි අනූ හත් ලක්ෂයකට (109,756,890) අධික මුදලක් වියදම් කර ඇති අතර ඉකුත් 2024 වර්ෂයේදී රුපියල් එක්කෝටි තිස් හතර ලක්ෂයකට (13,487,006) අධික මුදලක් වියදම් කර ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
මෙම කටයුතුවලදී ලංසු කැඳවීමකින් තොරව හා ගිවිසුම් විෂය පථය පරීක්ෂා කිරීමකින් තොරව තාක්ෂණික කමිටුව හා ප්‍රසම්පාදන කමිටු අනුමැතිය දී ඇතැයිද එම විගණන වාර්තාව පෙන්වා දී ඇත.
2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අනුව ඖෂධ වෛද්‍ය උපකරණ නිෂ්පාදන බැහැර කිරීම සම්බන්ධයෙන් සියලු කාරණාවල නියාමන කටයුතු කිරීම අධිකාරියේ ප්‍රධාන අරමුණක් වන අතර ඊට අනුකූල මාර්ගෝපදේශද නිකුත් කර ඇති බවද පැවසේ.
එසේ තිබියදී වෛද්‍ය සැපයුම් ඒකකය ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතියකින් තොරව මෙම ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය විනාශ කිරීමේ කටයුතු කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්ව ඇති බව වාර්තා වේ.
මේ ඖෂධ විනාශ කිරීමට යොදා ඇති මුදල අදාළ ඖෂධ ගෙන්වීමේ කොන්ත්‍රාත් මුදලට ද වඩා විශාල බවද පැවසේ.
පසුගිය කාලයේදී ලංකාවට ගෙන්වන ලද තත්ත්වයෙන් බාල සහ කල් ඉකුත් වූ ඖෂධ හා ශල්‍ය උපකරණ විශාල සංඛ්‍යාවක් දිවයිනේ ස්ථාන කිහිපයක ගබඩා කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූ බවත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී.
ඔහු පෙන්වා දෙන්නේ කොළඹ, කෙළවරපිටිය, ගාල්ල, ඉරණමඩු, අනුරාධපුර යන ප්‍රදේශවල මෙම බාල ඖෂධ සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
එබැවින් ඒ ගැන නිසි විමර්ශනයක් කර, වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
