Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ මැති ඇමතිලා සැප විඳිනවා : ජනතාව අසරණ වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පසුගිය ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ මෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාවට රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරීමට නොහැකිව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ දිව්‍යලෝක සැප මන්ත්‍රිට සහ පාලකයන්ට පමණක් සීමා නොවිය යුතු වුවත් වත්මන් රජයේ මැති ඇමැතිවරු නම් දිව්‍ය ලෝකය සාදා ගෙන සිටින බවත් ඒ මහතා කියයි.

රටේ ජනතාව අපේක්ෂා කළ මහා සංවර්ධනය නම් සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, නබඩවැව ග්‍රාමයේ නබඩවැව ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සහභාගී වෙමිනි.

සමහර ප්‍රදේශවල කිලෝමීටර් ගණන් පාරවල් වහින කාලයේ හදන්න පටන් අරන්. වහින කාලයේ හදන පාරවල් ඉක්මනින් කැඩී යනවා. වත්මන් රජයේ මැති ඇමැතිවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් නෑ. පාරවත් හැදිය යුත්තේ වසරින් වසර අලුත්වැඩියා කිරීමට නොව කාලයක් පුරා ජනතාවට භාවිත කිරීමටයි. මේ ආණ්ඩුව සිදු කරන්නේ මහා ඇස්බැන්දුමක්. රැවටිල්ලක්. සියයට 33 කින් අඩු කරනවා කියූ විදුලි බිල වැඩි කරන්න යනවා. රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා කියූ නිසා පෝලිමට ගිහින් රාජ්‍ය සේවකයන් කතිර ගැහුවා. අද සමහර රාජ්‍ය ආයතනයන් ඈවර කර රාජ්‍ය සේවකයා ගෙදර යවන්න පටන් අරන්’

Related posts

අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව නව දිනයන්

Mohamed Dilsad

රටේ ජනගහනය ගැන අලුත්ම විස්තර මෙන්න

Editor O

Eight Indian fishermen apprehended for poaching

Mohamed Dilsad

Leave a Comment