Trending Newsඑසැන පුවත්දේශීය

රුපියල් 95ක ට තොග මිලට ගත හැකි ඖෂධය රු 300ක සිල්ලර මිලට ගන්න රෝහල් අධ්‍යක්ෂවරුන් ට අවසර දීලා….

දිවයින පුරා රෝහල්වල හදිසි ස්වසන රෝගීන්ට ලබා දෙන salbutamol nebulasation solution නොමැති අතර එම ඖෂධය රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස. මුදල් ගෙවා සිල්ලර මිලට මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සම්ප්‍ර සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

කෙසේ වත් මෙම ඖෂධය තොග මිලට රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් එකවර මිලදී ගන්නේ නම සාමාන්‍යයෙන් ඖෂධ කුප්පියක් සඳහා රජයට වැය කළ යුතු මුදල රුපියල් අනූපහකට ආසන්න වන අතර මේ අන්දමට අවශ්‍ය අවස්ථාවලදී සිලව මිලට මිලදී ගැනීම සඳහා අවසරය ලබා දීම නිසා එම බෙහෙත් කුප්පියම, එම සමාගමෙන්ම මිල ආසන්න වශයෙන් රුපියල් 300ට ආසන්න මුදලක් ගෙවා මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට සිදුවීම ගැන විමර්ශනයක් පවත්වන ලෙසට චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අවසානයේදී එම සමාගමෙන්ම වැඩි මිලකට ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවන බැවින් මෙම තත්ත්වය චේතනාන්තව නිර්මාණය කළ අර්බුදයක් විමසා බලා වගකීම් විරුද්ධව පියවර ගන්නා ලෙස ද දිගින් දිගටම ඇතිවන මෙම තත්ත්වය කෙරි රාජ්‍ය ඖෂධ සංස්ථාව ඍජුව වගකිවයුතු වන බැවින් ලබන වසරේ ඇතිවන ඖෂධ අර්බුදයේ ප්‍රධාන වගකිවයුතු පාර්ශවයක් ලෙස ඔවුන් වගකීම බාරගත යුතු බවද ඔහු සඳහන් කරයි.

Related posts

மாகாண சபைத் தேர்தலை நடாத்துவதில் தாமதம் தொடர்பில் வழக்குத் தாக்கல்

Mohamed Dilsad

කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ලටත්

Mohamed Dilsad

Ex-MP Sajin Vass Gunawardena indicted

Mohamed Dilsad

Leave a Comment