අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, එලබෙන 24දා දක්වා, යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජූලි මස 28 වනදා අත්අඩංගුවට ගැනුණි.
