Trending Newsඑසැන පුවත්දේශීය

පිටකොටුව ලංගම බස්නැවතුම්පොළ වසා දමයි

කොළඹ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය 11 වෙනිදා සි⁣ට වසා තැබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

බස් නැවතුම්පොළ පරිශ්‍රයේ සැලසුම්කර ඇති නවීකරණ කටයුතු අවසන් වනතුරු බෝධිරාජ මාවත, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ සිට බස්රථ ධාවනය කෙරෙන බව ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.

මධ්‍යම බස්රථ නැවතුම් පොළේ නවීකරණ කටයුතු ලබන 15 වනදා ආරම්භ කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජය සාමාන්‍යධිකාරී පුහුණු පරියේෂණ හා සංවර්ධන ඉන්දික චන්දිමාල් මහතා පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බස් රථ නැවතුම්පොළ නවීකරණ කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්හ කිරීමට නියමිතය.

අදාළ ව්‍යාපෘතිය වසරක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඉන්දික චන්දිමාල් මහතා සඳහන් කළේය

Related posts

Tissa Attanayake’s case postponed until February 2018

Mohamed Dilsad

North Korea readies long-range missiles on mobile launchers

Mohamed Dilsad

අද මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

Leave a Comment