Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තුවට එනවද..?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තු යෑමට තවම කිසිදු සූදානමක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ළඟදීම මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට යන බවට ප්‍රචාරයක් දියත් වී තිබුණද ඒ සම්බන්ධව මෙතෙක් පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් වත් සිදුව නැති බව නියෝජ්‍ය නායකයා තවදුරටත් පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ රුවන් විජේවර්ධන මහතා තවදුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යනවා නම් එය නිසි වෙලාවට තීරණය කරනු ඇති බවයි.

Related posts

Kavin Ratnayake appointed as new Sri Lanka Ports Authority Chairman

Mohamed Dilsad

இன்றைய வானிலை

Mohamed Dilsad

INTERPOL Medal for President Maithripala Sirisena

Mohamed Dilsad

Leave a Comment