Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය ආයතන ගණනක් ඈවර කිරීමට ගත් තීරණය ගැන ආණ්ඩුව කරුණු වසන් කරනවා – දුමින්ද නාගමුව

රාජ්‍ය ආයතන ගණනක් ඈවර කිරීමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් කරුණු සඟවමින් ආණ්ඩුව කටයුතු කරන බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කරයි. නුගේගොඩදී අද (07) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පැවසුවා.

වසා දැමීමට තීරණය කර ඇති ආයතන 09 ක හෙළි කැබිනට් මාධ්‍ය හමුවේ දී අනාවරණය කළද සෙසු ආයතන මොනවාදැයි මෙතෙක් රටට හෙළිකර නැතිිබවද නාගමුව මහතා කීවේය.

මෙම ආයතන 33 මොනවාද සහ එම ආයතන වසා දැමීමට ආණ්ඩුව තීරණය කිරීමට හේතු රටට පැහැදිළි කළ යුතුව ඇතැයි නාගමුව මහතා කීවේය..

ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජීස් ආයතනය ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය පාලන සමයේ ගැටලු මතු වූ ආයතනයක් වන අතර මෙම ආයතනය වසා දැමීමත් සමග ඊට එරෙහිව ඇති චෝදනා අහෝසි වන්නේ දැයි රටට පැහැදිළි කළ යුතු බවද නාගමුව මහතා කීවේය.

කොමන්වෙල්ත් ගේම් හම්බන්තොට ලිමිටඩ්, මිහින් ලංකා වැනි ආයතන අන්ත දූෂිත චෝදනා එල්ලවී ඇති ආයතන බවත් එම ආයතන සම්බන්ධයෙන් පවතින චෝදනා මෙම ඇවර කිරීමේ තීරණයත් සමග අහෝසි වන්නේ දැයි ආණ්ඩුව පැහැදිලි කර නොමැති බවත් දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙයි..

ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින ඇතැම් මතධාරීන් මේ පිළිබදව නිහඬව සිටිති. වසා දැමීමට තීරණය කර ඇති ආයතන සතු වත්කම් සඳහා කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ දැයි ආණ්ඩුව විසින් රටට හෙළි කළ යුතු බවද දුමින්ද නාගමුව මහතා අවධාරණය කරයි.

Related posts

1,616 Kg of Beedi leaves recovered by a Naval raid

Mohamed Dilsad

SDIG Nanayakkra further remanded

Mohamed Dilsad

යුද හමුදාවේ 4,741 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment