Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ල ගිනි ගනී

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ල යුක්රේනයේ කැබිනට් මණ්ඩලයේ නිවහන වන අතර එහි අමාත්‍යවරුන්ගේ කාර්යාල පිහිටා ඇත.

ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාරවලින් ඊයේ(06) රාත්‍රියේදී ළදරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 18 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර රුසියාව මෙතෙක් නගර මධ්‍යයේ රජයේ ගොඩනැගිලි ඉලක්ක කර ගැනීමෙන් වැළකී සිටි අතර මෙම ප්‍රහාරය 2022 දී යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය බව කියවේ.

මෙහිදී යුක්රේනය පුරා ස්ථාන 37ක මිසයිල ප්‍රහාර නවයක් සහ ඩ්‍රෝන් ප්‍රහාර 56ක් වාර්තා වී ඇති අතර යුක්රේන ගුවන් හමුදාවේ ප්‍රකාශයකට අනුව යුක්රේනය විසින් රුසියාව එල්ල කරන ලද ඩ්‍රෝන යානා 747ක් සහ මිසයිල හතරක් වෙඩි තබා නිෂ්ක්‍රීය කර ඇත.

Related posts

Min. Sagala Rathnayake to resign from Law and Order Ministerial portfolio

Mohamed Dilsad

අඩු ආදායම් ලාභීන් සඳහා වන රැකියා ලක්ෂයේ අයඳුම්පත් කැඳවයි

Mohamed Dilsad

Army teams in PATS return with 2 Silvers

Mohamed Dilsad

Leave a Comment