Trending Newsඑසැන පුවත්දේශීය

මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය ඉඩමෙන් හමුවීමේ සිද්ධියට අදාළ පුාදේශීය සභා මන්ත්‍රී පොහොට්ටුවෙන් එළවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරයෙකු සිටි සම්පත් මනම්පේරි යන අයගේ ඉඩමකින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් එම පක්‍ෂ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලිපි ශිර්ෂයෙන් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත්වී ඇත.

අප පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.

එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාල පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්වය හෙලිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.

එම නිවේදනය පහතින්

Related posts

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කැඳවීමක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ලංගම බස් 1358ක්

Editor O

Police officer remanded over ‘Sirikotha’ misfire

Mohamed Dilsad

Leave a Comment