Trending Newsඑසැන පුවත්දේශීය

සිංහරාජය මැදින් පාරක් හදනවද..? – පරිසර ඇමතිගෙන් ප්‍රකාශයක්

සිංහරාජ වනාන්තරය මැදින් මාර්ග ඉදිකිරීමට හෝ පුළුල් කිරීමේ කටයුත්තකට සහය ලබානොදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ කමිටු රැස්වීමේදී සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා යෝජනා කර තිබෙන අතර ඒ අනුව එම මාර්ගයට යෝජනා වී ඇති ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් ද දිස්ත්‍රික් කමිටු නියෝජිතයින් කිහිප දෙනෙකු විසින් සිදු කර ඇති බවයි

කෙසේ වෙතත් පරිසර අමාත්‍යංශය ලෙස හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස මෙම යෝජනාව සම්බන්ධයෙන් කිසිදු අවසරයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කර නොමැති අතර එවැනි මාර්ගයක් ඉදිකිරීමට කිසිදු සහයක් ලබා නොදෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

புங்குடுதீவு மாணவி வித்தியாவின் படுகொலை வழக்கில் இன்று திடீர் திருப்பம்

Mohamed Dilsad

SLFP Central Committee decides to expel Fowzie

Mohamed Dilsad

තවත් පුහුණු මැතිවරණයක් හෙට

Mohamed Dilsad

Leave a Comment