Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපනයේ තටු ගලවා හම ගසන ආණ්ඩුව සමග සාකච්ඡා අසාර්ථකයි..: විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වර්ජනයකට සූදානම්…!

ආණ්ඩුව සමග වසරක් තිස්සේ විශ්වවිද්‍යාල මුහුණ දෙන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ කළ ද එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

එහි ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පෙන්වා දෙන්නේ අධ්‍යාපනයට තටු දෙන ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිපත්ති සහ අර්බුද ඔස්සේ අධ්‍යාපනයේ තටු ගලවා හම ගසමින් ඇති බවයි.

මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්ය හිඟය දැඩි ලෙස උග්‍ර වී ඇති බවත් පසුගිය මාස කිහිපයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් 150කට අධික ආචාර්යවරුන් ප්‍රමාණයක් ඉල්ලා අස්ව ගොස් ඇති බව ද චාරුදත්ත ඉලංගසිංහ ප්‍රකාශ කරයි.

සාකච්ඡාවලින් මෙම ගැටලු සඳහා විසඳුම් ලබාගත නොහැකි නම් විරෝධතා වර්ජන ඔස්සේ අරගල කිරීමට සූදානම් බවට ද ඔහු අනතුරු අඟවයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් චාරුදත්ත ඉලංගසිංහ මේ බව කීවේය.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන ඉරිදා වනවිට දිස්ත්‍රික්ක 6ක අවසන් වෙයි

Mohamed Dilsad

“New Year harvests progressive values and ethics” – President in his New Year message

Mohamed Dilsad

හරීන් අත්අඩංගුවට ගැනීම ගැන නීතිපති අධිකරණයට දන්වයි

Mohamed Dilsad

Leave a Comment