Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට

මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ,  කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් සිටින බව පොලීසිය පැවසුවේය.

ඊට අමතරව, බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දරුවෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය. 

Related posts

கொள்கலன் வாகனமொன்று கவிழ்ந்தமையினால் பேஸ்லைன் வீதியில் கடும் வாகன நெரிசல்…

Mohamed Dilsad

களனிவெலி ரயில் பாதை சில தினங்களுக்கு மூடப்படும்

Mohamed Dilsad

කොළඹ නගරයේ මාර්ග කිහිපයක් යටවෙයි

Mohamed Dilsad

Leave a Comment