Trending Newsඑසැන පුවත්දේශීය

එකම දිනයක යුවළ 20ක් යුග දිවියට – රිෂාඩ් බදියුදීන්ගෙන් සමාජ සත්කාරයක්

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ මූලිකත්වයෙන්, “මාවද්දතා ව රහ්මා” (ආදරය සහ දයාව) යන ව්‍යාපෘතිය යටතේ, සමූහ විවාහ මංගල්‍ය උත්සවයක් 24වන (ඉරිදා) පුත්තලමේදී සාර්ථකව පැවැත්විණි.

තෝරාගත් අඩු ආදායම්ලාභී යුවළවල් 20 ක් සහභාගී කරගනිමින් සමූහ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වින. එය සංවිධානය කරන ලද්දේ විනිසුරු සලීම් මර්සූෆ් මහතාගේ සභාපතිත්වයෙන් යුතු සංවිධායක මණ්ඩලයක් මගිනි.

මෙම ඓතිහාසික අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාලිඩ් නසාර් අල් අමෙරි මහතා සහභාගී වූ අතර, ව්‍යාපාරික දානපතියන් විසින් විවාහ දිවියට එළඹි යුවළවල් වෙත ත්‍යාග ප්‍රධානය කෙරිණ. එයට අමතරව මුදල් තිළිණ ප්‍රධානයක්ද සිදු කෙරිණ

ව්‍යාපෘතිය මගින් ප්‍රජාව සවිබල ගැන්වීම සහ උදව් උපකාර කිරීම පිළිබඳ දැක්ම පිළිබිඹු කරනවා පමණක් නොව, අනුකම්පාව සහ දයාව තුළින් සමාජ සහයෝගීතාවය සඳහා පූර්වාදර්ශයක් සැපයීම සඳහා මෙම සමාජ සත්කාරය දියත් කළ බව රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාලිඩ් නසාර් අල් අමෙරි මහතාගේ සහභාගීත්වය ශ්‍රී ලංකාව සහ අරාබිය අතර මිත්‍රශීලී සබැඳියාව වැඩි දියුණු කිරීමක් බවද රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Related posts

“அரசியல் அந்தஸ்தைப் பெற்று வாளாவிருந்தவர்களை அபிவிருத்தியின்பால் திரும்ப வைத்துள்ளோம்” – நிந்தவூரில் அமைச்சர் ரிஷாட்!

Mohamed Dilsad

ලොව පුරා කොවිඩ් 19 ආසාදිත පිරිස විසි අට ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

සීනි, පරිප්පු, අල, ලූණු මිල පහළට

Mohamed Dilsad

Leave a Comment