Trending Newsඑසැන පුවත්දේශීය

වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම ගැන හෙළිදරව්වක්

රිමාන්ඩ් භාරයට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (27) මාධ්‍ය හමුවක් අමතමින් අදහස් පළ කළේය.

ඔහු පැවසුවේ, හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ පවුල සතු වූ අක්කර 43 ක භූමියක මෙම බන්ධනාගාරය පිහිටා ඇති බවයි. ඔහු මෙම කරුණ සනාථ කරමින් අදාළ ඉඩම් ඔප්පු සම්බන්ධ පත් ඉරැද මාධ්‍යයට ඉදිරිපත් කළේය.

“රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගත් පසු ගෙන ගියේ ඔහුගේ මිත්තණියගේ පරම්පරාවට අයිති ව තිබූ වැලිකඩ බන්ධනාගාර භූමියටයි. ඉතිහාසය දෙස බලන විට, මේ භූමියේ මුල් අයිතිකරුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ පවුලේ උදවියයි. මෙය ඉතාම ඛේදනීය සහ දෛවෝපගත අවස්ථාවක්.” යැයි වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම ඉඩමේ පත්තිරු සටහන් සියල්ල තමන් සතුව ඇති බවයි. “එවැනි පරපුරක සාමාජිකයකුට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම මහා ඛේදජනක සිදුවීමක්” යැයි ද ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය සහ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් මහතා ද එක්ව සිටියහ.

Related posts

க.பொ.த சாதாரண தர பரீட்சையின் 2 ஆம் கட்ட மதிப்பீட்டுப் பணிகள் நிறைவு

Mohamed Dilsad

දුරකථන සංඥා කුලුනුවල බැටරි ගැලවූ හොරා

Mohamed Dilsad

එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට

Mohamed Dilsad

Leave a Comment