දේශීය

කොළඹ නගරයේ මාර්ග කිහිපයක් යටවෙයි

(UTV | කොළඹ) – තුම්මුල්ල ප්‍රදේශය ඇතුළුව කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අද (02) පස්වරුවේ කොළඹ නගරයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග ජලයෙන් යටවී තිබුණි.

අද පස්වරු 4 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අනාවැකියේ සඳහන් වන්නේ ඉදිරි පැය 36 සඳහා පළාත් රැසකට වැසි ඇති විය හැකි බවයි.

අද රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබුනේ ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි.

Related posts

විමල් වීරවංශ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් 17දා සිට ප්‍රදර්ශනය කරයි.

Editor O

කටුනායක ගුවන්තොටුපල නව PCR පරීක්ෂණාගාරය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment