Trending News

පානදුර වෙඩි තැබීමක්

පානදුර, අළුබෝගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී වෙඩි තැබීමකින් 55 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලීසියට අනුව, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් නිවසක් තුළ සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අළුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙම ඝාතනයට හේතුව සහ ඒ සඳහා භාවිත කළ ගිනි අවිය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරයි. පානදුර දකුණු පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

මියගිය පුද්ගලයා, ‘පානදුර නිලංග’ නමින් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මාමණ්ඩිය බවට තොරතුරු අනාවරණය වී තිබේ. වෙඩි තැබීම, ‘පානදුර සලින්දු’ නමැති තවත් කල්ලි නායකයෙකුගේ නියෝග මත සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

Related posts

மக்களை ஏமாற்ற வேண்டிய தேவை அரசாங்கத்திற்கு கிடையாது-கல்வி அமைச்சர்

Mohamed Dilsad

ජනාධිපති හිමිකම් පනත ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

Editor O

Capital market promotion in Australia

Mohamed Dilsad

Leave a Comment