Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු බදු ඉහළ ට

ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

 මෙම බදු සංශෝධනය ⁣ඊයේ (26) දිනයේ සිට ක්‍රියාත්මක වන බව බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ආනයනික බොම්බයි ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා තිබේ.

මෙම බදු සංශෝධනය ඊයේ දිනයේ සිට මාස 03ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරට දේශීය අර්තාපල් සහ බොම්බයි ළුෑනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර සිය අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ගොවීන් චෝදනා කරනු ලැබීය.

Related posts

விமலின் மூளையை பரிசோதிக்கவும் – ரிஷாத் பாராளுமன்றத்தில் கோரிக்கை (VIDEO)

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න USAID ආධාර දුන් හැටි හෙළිදරව්වක්

Editor O

New houses for Meethotamulla victims

Mohamed Dilsad

Leave a Comment