Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීම කෑලි හතරකට වෙන් කරයි

ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය  සාමාගම් 4 කට ප්‍රතිව්‍යුහගත කර තිබේ.

ජනන, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

එම සමාගම් වන්නේ  

  1. නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්,
  2. නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර්  ප්‍රයිවට් ලිමිටඩ්,
  3. ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා
  4. ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයි.

විදුලිබල මණ්ඩලයේ දැනට සිටින සේවකයින්ට එම සමාගම්වලින් තමන් කැමති සමාගමකට අනියුක්ත වීමට ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහා අද(27) සිට මාස දෙකක කාලයක් ලබා දී තිබේ.

සියලු සේවකයින්ට ඒ පිළිබඳ දැනුම් දෙන බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය හිමිකාරීත්වය සහිත එම සාමාගම්වලට සේවයකයින්ට සිය අභිමතය පරිදී ඇතුළත් විය හැකියි.

එලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර පිහිටවූ නව ආයතනවල ඉහළ කළමණාකාරිත්වය සඳහා දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහල තනතුරු හොබවන ඉංජිනේරුවරුන් බඳවා ගැනීමට ද සැලසුම් කර තිබේ.

Related posts

Sisira Kumara and Sanjeewa share lead in opening round

Mohamed Dilsad

කොරෝනා අවධානම නිසා වටවල ඇඟලුම් කර්මාන්තශාලාවක් වැසේ

Mohamed Dilsad

ඇසළ පුර පසළොස්වක පොහෝය අද යි

Editor O

Leave a Comment