Trending Newsඑසැන පුවත්දේශීය

ඇසළ පුර පසළොස්වක පොහෝය අද යි

(UTV | කොළඹ) –

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන්වේ.

බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහි ගෙය හැර මහණදම් පිරීම සඳහා පිටත් වීම, සිදුහත් කුමරුගේ පුතණුවන් වන රාහුල කුමාරයා ඉපදීම ඇසළ පොහෝ දිනයට අදාළ කාරණ ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

වෙසක් පුර පසළොස්වක පෝය දින යේ ලොව්තුරා බුද්ධත්වයට පත්වූ, ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කරන ලැබුවේද ඇසළ පොහෝ දිනයි. ඇසළ මාසය උදාවන විට පෙර වස් විසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර තිබේ. ඒ අනුව ඇසළ පොහෝදා පදනම් කරගෙන පෙර වස් විසීමද ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමකි.

බුදුරජාණන් වහන්සේ එවකට භාරතයේ විසූ මානාධික තීර්ථකයින්ගේ මානය බිඳ හෙළීමද සිදු කර ඇත්තේ මෙම පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමා මහ පෙළහර පා ඔවුන්ගේ මානය බිඳ දමා තිබේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ලංකාවේ කිත්සිරි මෙවන් රජදවස කලිඟු රට සිට හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් ලක්දිවට උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමද ,එතැන් පටන් ඇසළ පෝය මුල් කරගෙන ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමද චාරිත්‍රානුකූලව සිදු කෙරේ. බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිණිස මුල්ගල තබා ඇත්තේ ඇසළ පෝය දිනකදීය.

බෞද්ධ සහ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පොහොයක් ලෙස සැලකෙන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බෞද්ධ බැතිමතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් රට පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Related posts

ராஜாங்கணை, தெதுரு, அங்கமுவ நீர்த்தேக்கங்களின் வான் கதவுகள் திறப்பு

Mohamed Dilsad

“Prince of Egypt,” “Sideways” become musicals

Mohamed Dilsad

Another MH370 search still possible, Australia says

Mohamed Dilsad

Leave a Comment