Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ රිෂාඩ් බදියුදීන් අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා සහ සමත්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අතර, හමුවක් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පසුගිය දා පැවැත්වින.

මහකොමසාරිස් වරයා සහ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අතර, දෙරටේ පවතින මිත්‍රත්වය පිළිබඳ සහ ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු වූ අතර, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අසීරුතාවලට ලක්වූ අවස්ථාවල ඉන්දීය රජය දැක්වූ නම්‍යශීලී සහයෝගය පිළිබඳව බදියුදීන් මහතා සිය ස්තුතිය පළ කළේය.

එමෙන්ම උතුරු නැගෙහිර ප්‍රදේශ ඇතුළු රට පුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය ලබාදෙන සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා කෘතවේදීත්වය පළ කළේය. ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවීම වැළැක්වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසද රිෂාඩ් බදියුදීන් මහතා ඉන්දීය මහකොමසාරිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ලේකම් එම්.එස්.එස් අමීර් අලී, ලේකම් එස් සුබයිදරීන් සහ උප සභාපති එන්.එම් සහීඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 

Related posts

රනිල් – සජිත් හදිසි හමුවීමක්

Mohamed Dilsad

Army Commander also requests parents to send children to schools

Mohamed Dilsad

UN imposes targeted sanctions on North Korea

Mohamed Dilsad

Leave a Comment