Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙන ලෙස දැනුම්දීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, ඔහු ජනාධිපතිවරයාව සිටි සමයේ සිදු කළ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට බවද වාර්තා වෙයි.

වාර්තා වන පරිදි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබන 22 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

මෙම විමර්ශනයට අදාළව, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ ජනාධිපති ලේකම්වරයා ලෙස සිටි සමන් ඒකනායක සහ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන් ද මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම විමර්ශනය සිදු කරනු ලබන්නේ, රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකින් පසු එංගලන්තයට ගොස් එරට විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම ආශ්‍රිත චෝදනාවක් සම්බන්ධව බවද වාර්තා වෙයි

Related posts

Drug peddler arrested with Rs. 7 million worth heroin

Mohamed Dilsad

ஒலுவில் துறைமுகம் – துரித கதியில் பணிகளை ஆரம்பிக்க நடவடிக்கை

Mohamed Dilsad

ஜனாதிபதியின் பொது மன்னிப்பின் கீழ் 284 கைதிகள் விடுதலை

Mohamed Dilsad

Leave a Comment