Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික කිෂෝර් මහබුබානි අතර හමුවක්

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර් මහබුබානි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (18) සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආසියානු පර්යේෂණ ආයතනයේදී පැවැත්වී තිබේ.

එම හමුවේ දී ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය, පාලනය සහ සාමය ගොඩනැගීම යන මාතෘකා මූලික කර ගෙන සුවිශේෂී අදහස් රැසක් හුවමාරු කර ගැනීමට හැකියාව ලැබුණු බවද, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම සිංගප්පූරුවේ ආර්ථික පරිවර්තනය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන දෙඅංශය ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බැවින් සිංගප්පූරුවේ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ද වර්තමානයේ සුවිශේෂී පාඩම් රැසක් ඉගෙන ගත හැකි නිසා කිෂෝර් මහබුබානි මහතාගේ අත්දැකීම් සහ අදහස් අප රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ බෙදා ගන්නා ලෙස එහි දී ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පවසයි.

Related posts

නිදහස් දින පෙරහුරුව නිසාවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ஜம்மு காஷ்மீரில் பயங்கரவாதிகள் நடத்திய தாக்குதலில் 44 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment