කංසා වගාව සඳහා ආයෝජකයින් 07 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. .
කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසුවේ 2024 වසරේ ආයෝජන මණ්ඩලය හරහා මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.
එහිදී ගිවිසුම්ගතවීමේ දී මතුව තිබූ යම් යම් අඩුපාඩු සකසා අවසර දීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔහු අවධාරණය කළේ සියලුම කොටස් අපනයනය කිරීමේ කොන්දේසි මත මේ ව්‍යාපෘති සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා අවසර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවටයි
