දේශීය

රාජිතට මාර්තු 5 අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි [UPDATE]

(UTV | කොළඹ) –  ලබන මාර්තු 5 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කර ඇත.


(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇපදීමට එරෙහිව ගොණු කල ප්‍රතිශෝධන අයදුම්පතට අදාළව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම පිළිබඳ තීන්දුව අද (21) ප්‍රකාශයට පත් කෙරේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනුයි.

නීතිපතිවරයා විසින් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්න ඇපදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව අවලංගු කරන ලෙසට කොළඹ මහාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන අයදුම්පත ගොනු කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එය අවසන් වරට කැඳවනු ලැබූ අවස්ථාවේදී සඳහන් කළේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බවයි.

Related posts

රේගු බදු වංචාකරන පාර්ශ්වයන්ගේ විස්තර ප්‍රසිද්ධ කිරීමේ තීරණයක්

Editor O

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

2020 O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment