දේශීය

ලංකාව ඇතුළු රටවල් 13 කට කුණු ප්‍රතිඅපනයනය තහනම් වෙයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 කින් තම රට වෙත එවනු ලැබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළත් බහාලූම් 150 ක් නැවත එම රටවල් වෙත යවනු ලැබූ බව මලයාසියාවේ පරිසර අමාත්‍යවරිය වන යෙවෝ – බී – යින් කියා සිටියාය.

තම රට කසල බඳුනක් කිරීමට ඇතැම් රටවල් දරණ උත්සාහය සිහිනයක් පමණක් වනු ඇති බව ඇය පෙන්වා දෙන්නේ.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය චීනය විසින් 2018 වසරේදී තහනම් කිරීමෙන් අනතුරුව මලයාසියාව වෙත මෙලෙස විශේෂයෙන් සංවර්ධිත රටවලින් කසල බහාලූම් පැමිණීම ඇරඹී තිබේ.

මෙට්‍රික් ටොන් 3737 ක් අඩංගු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළත් කසල බහාලූම් 150 න් 43 ක් ප්‍රංශයටත්, 42 ක් එක්සත් රාජධානියටත්, 17ක් ඇමරිකා එක්සත් ජනපදයටත් , කැනඩාවට සහ ස්පාඤ්ඤය කසල බහාලුම් 11 ක් සහ 10ක් ද , ඉතිරි කසල බහාලූම් ජපානය, සිංගප්පූරුව, පෘතුගාලය, ලිතුවේනියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වෙත එවූ බව මලයාසියානු පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව තවත් බහාලුම් 110 ක් මේ වසර මැද දී නැවත ඒවා රැගෙන ආ රථවලට යවන බව ද එරට පරිසර ඇමතිනී යෙවෝ – බී – යින් වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related posts

ලංකාවේ සහායට අමෙරිකාවත් එක්වෙයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමත් නවතී

Mohamed Dilsad

සම්බන්ධන්ගේ දේහය යාපනය සෙල්වනායගම් ශාලාවට

Editor O

Leave a Comment