දේශීයප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත්‍රීවරුන් නම් කිරීම අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සදහා මන්ත්‍රීවරුන් නම් කිරීම අද(21) සිදු කෙරේ.

ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙනි.

එම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරුන් 17 දෙනෙක්ගෙන් සමන්විතය.

එම මන්ත්‍රීවරුන්ගේ නම් පහත පළවන අතර එහි පළමු රැස්වීම හෙට පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.

චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන,රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෛයෙන් සේනාධිරාජා යන මහත්වරු මෙම තේරීම් කාරක සභාවට අයත් වෙති.

එම මන්ත්‍රීවරුන් 17 දෙනා පවත්නා සභාවාරය තුළදී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතුවේ.

Related posts

මාලිමාවට කට උත්තර නැතිවෙන්න අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කළ විපක්ෂ නායක

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයට අඳාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

උද්ධමනය පහළට

Mohamed Dilsad

Leave a Comment