ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මැතිවරණයට අඳාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ

(UTV| කොළඹ) – 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ තැන්පත් කළ යුතු ඇප මුදල් සම්බන්ධව මැතිවරණ කොමිසමේ නිවේදන ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව කොළඹ මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 19 කි.

ගම්පහ මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 18 දෙනෙකු මෙන් ම කළුතර මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 10 ක් මහනුවර මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 12 ක් මාතලේ මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 05 ක් වශයෙන් තෝරා පත්කරගත යුතු බව රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් විය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, නුවරඑළිය මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 08 ක් ගාල්ලෙන් 10 ක් මාතර හම්බන්තොට සහ යාපනය යන මැතිවරණ කොට්ඨාසවලින් මන්ත්‍රීවරුන් 07 බැගින් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතු බවයි.

වන්නි මැතිවරණ කොට්ඨාසයෙන් තෝරා පත්කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 06 ක් වන අතර මඩකලපුව දිගාමඩුල්ල ත්‍රිකුණාමලය කුරුණෑගල පුත්තලම හා අනුරාධපුරය මැතිවරණ කොට්ඨාසවලින් පිළිවෙලින් මන්ත්‍රීවරුන් 05, 07, 04, 15, 08, 09 වශයෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කරගත යුතු බව ද අදාල ගැසට් නිවේදනයේ සඳහන් විය.

මේ අතර පොළොන්නරුව මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 05 ක් බදුල්ලෙන් 08 ක් මොණරාගලින් 06 ක් රත්නපුරයෙන් 11 හා කෑගල්ල මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරුන් 09 පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතු බව අදාල නිවේදනයේ සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 180 ඉක්මවයි

Mohamed Dilsad

මීතොටමුල්ල අවදානම් කලාප හඳුනාගැනීමේ කටයුතු අවසන් කිරීමට සුදානම්

Mohamed Dilsad

ඩෙංගු මර්දන සතිය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment