ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මර්දන සතිය අද ඇරඹේ

UTV | COLOMBO – ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් අද සිට ජාතික ඩෙංගු මර්දන සතියක් ආරම්භ වනවා.

ලබන ඔක්තෝම්බර් 2 වන දා දක්වා ක්‍රියාත්මක මෙහි තේමාව වන්නේ ඩෙංගුවලින් තොර රටක් යන්නයි.

මේ වසර තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දුන්නේ.

මෙම සතිය තුළ දී තෝරා ගත් අවදානම් කලාපවල පරීක්ෂාවන් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 175ක එම පරීක්ෂාවන් සිදුකෙරෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

Related posts

සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්කරන ‌ලෙස දිසාපතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතියට.

Mohamed Dilsad

Leave a Comment