Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍යවරයෙක් ඇතුළු රෝහල් සේවකයන් තිදෙනෙක් රිමාන්ඩ්

මන්නාරම රෝහලේදී, දරු ප්‍රසූතියකින් පසුව මියගිය උපාධීධාරිණියගේ මරණය සම්බන්ධයෙන් වැඩ තහනම් කර සිටි, වෛද්‍යවරයා ඇතුලු තුන් දෙනෙකු
මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2024 ජූලි මස 28 වෙනිදා මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි උපාධිධාරී කාන්තාවක් වූ මරියරාජ් සින්දුජා නැමති කාන්තාව දරු ප්‍රසූතියක් සදහා රෝහල් ගත කිරීමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීමෙන් ජිවිතක්ෂයට පත්විය.

මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් රෝගියාට අසාධ්‍ය බව වෛද්‍යවරයාට හා කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නද රෝහල් කාර්යය මණ්ඩලය ඒ අවස්ථාවේ රාජකාරියේ වගවීම නිසිපරිදි ඉටු කළේදැයි සෙවීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවැත් වූ පරීක්ෂණ වලදී මන්නාරම රෝහලේ එම වෛද්‍යවරයා ඇතුලුව රෝහල් කාර්යයමණ්ඩලයේ 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මේ සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයේ ගොනු කර තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්යය මණ්ලයේ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අදාළ වෛද්‍යවරයා ඇතුලු රෝහල් කාර්යය මණ්ඩලයේ තිදෙනා, අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, එහිදි සැකකරුවන් තිදෙනා, අගෝස්තු මස 12 වෙනිදා තෙක් බන්ධනාගාර ගත කරනලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


Related posts

ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනී

Editor O

“Pakistan supports consolidation of democratic process in Sri Lanka,” Envoy says

Mohamed Dilsad

නිදහස් සන්ධානයේ පළමු විධායක සභා හමුව අද

Mohamed Dilsad

Leave a Comment