Trending Newsඑසැන පුවත්දේශීය

වංචනික වට්ස්ඇප් ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි.

මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉළක්ක කර, විවිධ වංචාවන් සිදුකරනු ලැබු වට්ස්ඇප් ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව  මෙටා සමාගම පවසයි.

වට්ස්ඇප් විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දෙමින් මෙටා සමාගම එම පියවර ගෙන ඇත.

ඒ අතර, වට්ස්ඇප් විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු කණ්ඩායම් කතාබහකට එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂයෙන් පරිශීලකයින්ව දැනුවත් කර තිබේ.

අපරාධකරුවන් විසින් වට්ස්ඇප් ගිණුම් පැහැර ගැනීම හෝ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරන ග්රූප් චැට්වලට පරිශීලකයින් එක්කිරීම වැනි බහුලව සිදුවන වංචනික ක්‍රියාකාරකම් පාලනය කිරීම මෙහි අරමුණ බවද සඳහන්.

Related posts

Display National Flags – Government

Mohamed Dilsad

Sri Lankan shares fall on profit-taking in blue chips

Mohamed Dilsad

Loan counter at BoC Branch in Mannar declared opened

Mohamed Dilsad

Leave a Comment