Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ ට වරෙන්තු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

එම අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අද (28) දිනයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇත.

2018 වසරේදී හම්බන්තොට වරාය චීනයට ලබා දීමට එරෙහිව හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා මේ වන විට නීතිඥවරුන්ගේ හමුවකට සහභාගි වීම සඳහා මාලදිවයින බලා ගොස් සිටී.

ඒ අනුව ආපසු පැමිණිමේදී අධිකරණයෙන් ලබා ඇති වරෙන්තු මත කටුනායක ගුවන් තොටුපලේදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩකඩක් තිබේ.

නාමල් රාජපක්ෂ මහතා මාල දිවයින බලා ගොස් ඇත්තේ ජනාධිපති අනුර දිසානායක මහතා මාලදිවෙන බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේමය.

Related posts

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

Train derailed between Maradana and Colombo Fort Railway stations

Mohamed Dilsad

කොරෝනා කාලයේ මත්තල මෙහෙයුම් ඉහළට

Mohamed Dilsad

Leave a Comment