Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රිකුණාමලයේ අක්කර 3000ක් ඉන්දියාවට – වසන්ත මුදලිගේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගිවිසුමකට අනුව ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක අක්කර 3071ක් ඉන්දීය ආයෝජකයන්ට ලබා දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සූදානම් වෙමින් ඇතැයි ජාතික ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා ප්‍රකාශ කරයි.

ත්‍රිකුණාමලයේ වර්ග කිලෝමීටර් 620ක ප්‍රදේශයක්, එනම් කොළඹ නගරයට සමාන විශාලත්වයකින් යුත් භූමි ප්‍රමාණයක්, ඉන්දියාව සඳහා ආර්ථික කලාපයක් ලෙස නම් කරලා, ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය: ඉන්දියාවට දැනටමත් බදු දී ඇති තෙල් ටැංකි 62 ඇතුළුව අක්කර 851ක්. සාම්පූර් බලාගාර ප්‍රදේශය: අක්කර 831ක්.
සාම්පූර් ආර්ථික කලාපය: අමතර අක්කර 900ක්.
කුච්චවේලි: මැණික් කැණීම් සඳහා අක්කර 100ක්.
මුත්තුනගර්: මුළු අක්කර 900ක්, එයින් අක්කර 800ක් සූර්ය පැනල ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇතිබවත් මුදලිගේ මහතා සඳහන් කරයි.

තවද, මුදලිගේ මහතා කියා සිටින්නේ, කොළඹ වරායට සහ ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව නෞකාවලට ඉන්ධන සැපයීම සඳහා ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවට මුදලිගේ මහතා සඳහන් කරයි.

ත්‍රිකුණාමලය ධීවර ප්‍රජාව එම ප්‍රදේශවලින් ඉවත් කර, ඉන්දීය ආයෝජකයන්ගේ විනෝදාස්වාදය සඳහා එම කලාපය වෙන් කිරීමට සැලසුම් කර ඇතැයි මුදලිගේ මහතා චෝදනා කරයි.

Related posts

Tsunami in Sri Lanka completes 14 years and the silence was paid by the public

Mohamed Dilsad

ලීසිං සමාගම්වල ක්‍රියාකලාපයට දැඩි විරෝධයක්

Mohamed Dilsad

வலம்புரி சங்குடன் நபர் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment