ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනා සහ සිවිල් පුද්ගලයින් දෙදෙනා අගෝස්තු 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.
දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි එම නියෝගය කළාය.
කෙසේ වෙතත් අදාළ සැකකරුවන්ගෙන් එක් අයෙකු අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවත් පොලීසිය මහෙස්ත්‍රාත්වරිය හමුවේ පවසා තිබේ.
ගැබ්බර මුවදෙන ඝාතනයට යොදා ගත් ගිනිඅවි 03ක් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී පියවර ගෙන තිබුණි.
සිවිල් පුද්ගලයින් දෙදෙනා මුවදෙනක ඝාතනය කිරීම, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු ගොනු කර ඇති අතර සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ගැබ්බර මුවදෙන ඝාතනයට අධාර අනුබල දීමේ චෝදනාව මත මහෙස්ත්‍රාත්වරයා හමුවේ නඩු ගොනු කර තිබේ.
