Trending Newsඑසැන පුවත්දේශීය

මුවෙක් මැරූ පොලීස් සැරයන්ලා දෙදෙනා බන්ධනාගාර ගත කරයි.

ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනා සහ සිවිල් පුද්ගලයින් දෙදෙනා අගෝස්තු 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි එම නියෝගය කළාය.

කෙසේ වෙතත් අදාළ සැකකරුවන්ගෙන් එක් අයෙකු අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවත් පොලීසිය මහෙස්ත්‍රාත්වරිය හමුවේ පවසා තිබේ.

ගැබ්බර මුවදෙන ඝාතනයට යොදා ගත් ගිනිඅවි 03ක් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී පියවර ගෙන තිබුණි.

සිවිල් පුද්ගලයින් දෙදෙනා මුවදෙනක ඝාතනය කිරීම, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු ගොනු කර ඇති අතර සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ගැබ්බර මුවදෙන ඝාතනයට අධාර අනුබල දීමේ චෝදනාව මත මහෙස්ත්‍රාත්වරයා හමුවේ නඩු ගොනු කර තිබේ.

Related posts

කොළඹ නගරය තුළ ගොඩගැසී ඇති කැළිකසල ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට පොරොන්දුවක්

Mohamed Dilsad

ஷாபி நிரபராதி என நீதிமன்றம் கூறினாலும், தேரர் அவரை குற்றவாளியாக்குவதையே குறியாகக் கொண்டுள்ளார் – முன்னாள் அமைச்சர் ரிஷாத்

Mohamed Dilsad

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය සිව්වන කණ්ඩායම

Mohamed Dilsad

Leave a Comment