Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් පැවැ⁣ත්වෙන වේලාව වැඩිකරනවානම් වැටුපත් ඉහළ දැමිය යුතුයි. – ගුරු සංගම්

රජය විසින් පාසල් පැවැත්වෙන කාලය විනාඩි 30 කින් දීර්ඝ කිරීමට යෝජනා කරන්නේ නම්, ඊට සමගාමීව ගුරුවරුන් සඳහා සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතු බව ගුරු සංගම් අවධාරණය කරයි.

දැනට පවතින පාසල් වේලාව දීර්ඝ කිරීම මගින් ගුරුවරුන්ගේ රාජකාරි හා වගකීම් වැඩි වන බවත්, එම අමතර වගකීම් ඉටු කිරීම සඳහා සාධාරණ වන්දියක් හිමි විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.

ලංකා ස්වාධීන ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, යෝජිත වැඩපිළිවෙළ මගින් ඉගැන්වීමේ කාලය දීර්ඝ කිරීම තුළින් ඵලදායිතාවක් අපේක්ෂා කරන බවයි.

“දවසකට විනාඩි තිහකින් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමෙන්, මාසයකට සේවා දින විස්සක් ආවරණය වනවිට, මාසයකට පැය දහයක කාලයක් ගුරුවරු අමතරව සේවය කළ යුතු වෙනවා. එසේ බලන විට ගුරු වැටුපට එය සෘජු බලපෑමක් එල්ල වෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

පාසල් වේලාව දීර්ඝ කිරීම තුළින් ගුරුවරුන්ගේ රාජකාරි මෙන්ම වගකීම් කාලයද දීර්ඝ වන බවත්, මෙම තත්ත්වය හමුවේ ගුරුවරුන්ගේ වැටුපද අනිවාර්යයෙන්ම සාධාරණව වැඩි කළ යුතු බවත් විජේරත්න මහතා අවධාරණය කළේය.

එසේම, අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

Jeopardy host Alex Trebek has pancreatic cancer

Mohamed Dilsad

ரயில் சேவைகள் தொடர்ந்தும் தாமதம்

Mohamed Dilsad

Leave a Comment