Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ දේශපාලන දඩයම හමුවේ දණ නැමීමට සුදානම් නැහැ. – චතුර සේනාරත්න

අනීතිකව දේශපාලන දඩයම්වලට හිස නොනමන බවත්, එවැනි දේවල්වලට දණ නොමනන බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න ප්‍රකාශ කරයි..

ඔහු මේ බව සඳහන් කළ සිටියේ, රාජිත සේනරත්න අල්ලස් කොමිෂම හමුවට ඉදිරිපත් නොවන්නේ නැයිදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ,

“රාජිත සේනරත්න සහභාගී වෙනවා. සහභාගී වෙන්න අවශ්‍ය නිසා තමයි මීට දින දෙකකට පෙර අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට එතුමාගේ ලිඛිත ප්‍රකාශය දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඉදිරිපත් කළේ. ඊට අමතරව තියෙන ප්‍රශ්න සඳහා පිළිතුරු එතුමා අනිවාර්‍යෙන්ම දෙනවා. ඔවුන් මේ 15 වෙනිදා උදේ 9ට ඒ සුපුරුදු කතිකා කරගත් පරිදි ඒ කට උත්තර දීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සැකසුවා නම් ඒ ප්‍රකාශය දීල ඉවරයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය..

අල්ලස් කොමිසමට බලතල තියෙනවා. සාදාරණ විදිහට, යුක්තියට, නීතියට අනුව ඒ අවශ්‍ය සහයෝගය ලබාදීම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අනීතිකව දේශපාලන දඩයම්වලට හිස නමන්නෙත් නෑ. දණ නමන්නෙත් නෑ.”

Related posts

President’s term is only 5-years – Supreme Court informs Presidential Secretariat

Mohamed Dilsad

Netflix nabs Chris Evans’ “Red Sea”

Mohamed Dilsad

கைதிகளை உறவினர்கள் பார்வையிட 2 நாட்களுக்கு சந்தர்ப்பம்

Mohamed Dilsad

Leave a Comment