පසුගිය දිනවල අලි 21 දෙනෙක්, වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී ඊයේ (25) හෙතෙම ඒ බව කීවේය.
විවිධ හේතුන් මත වනඅලි ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් රැසක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවී ඇත.
‘භාතිය ඇතා’ගේ මරණයත් සමඟ මුළු රටේම අවධානය වන අලි මරණ සඳහා යොමුවීම මෑතකාලීනව දැකගත හැකි විය.
