Trending Newsඑසැන පුවත්දේශීය

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ටිඑම්විපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (23) තීරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) (නීතිය ඉදිරියේ අසමානව සැලකීම), 12(2) (දේශපාලන මතය අනුව වෙනස්කම් සිදුකිරීම), 13(1) (හේතු නොදක්වා අත්අඩංගුවට ගැනීම) සහ 13(2) (නීතියේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව අත්අඩංගුවට ගැනීම) යන වගන්ති යටතේ නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය..

පෙත්සම්කාර පිල්ලෙයාන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සමග නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙනී සිටියේය

Related posts

පාසල් අතර ඇති නැති පරතරය නැති කරනවා – අගමැති හරිනි අමරසූරිය

Editor O

පස් දෙනෙකුට මරු කැඳවූ බෙලිඅත්ත වෙඩි තැබීම | පක්ෂ නායකයෙකුත් ඒ අතර

Mohamed Dilsad

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ඒ සාමාර්ථ ලබාගත් සිසුන් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment