දේශීය

පස් දෙනෙකුට මරු කැඳවූ බෙලිඅත්ත වෙඩි තැබීම | පක්ෂ නායකයෙකුත් ඒ අතර

(UTV | කොළඹ) – බෙලිඅත්ත අධිවේගි මාර්ග පිවිසුම ආසන්නයේ වෙළෙඳසැලක් අසළ වෙඩි තැබීමෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ ය.

අද උදෑසන අධිවේගී පිවිසුම ආසන්නයේ වෙළෙඳසැලක් අසළ අදාල වෙඩි තැබීම සිදුවිය.

පෙලීසිය ප්‍රකාශ කළේ අදාළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු එම ස්ථානයේම මිය ගෙස් ඇති අතර, රෝහල්ගත කිරීමෙන් පසු තවත් අයෙකු මියගිය බවයි.

ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ආහාර ගැනීම සඳහා අදාල වෙළෙඳසැලට පැමිණි අවස්ථාවේ වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් ය.

කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් ය.

Related posts

නීතිය හා සාමය මෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජයට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ගෑස් යළි බෙදාහරින දවස මෙන්න

Mohamed Dilsad

රට පුරාම විදුලිය බිඳවැටීම ගැන පරීක්ෂණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment