දේශීය

දඩ කොලේ ගෙදර එවන වැඩේ කරන්න එපා! | බස් සංගම් සභාපති කට අරියි

(UTV | කොළඹ) – රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙළ සඳහා බස් රථ නියාමනය කරන්නේනම් අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.
ත්‍රී රෝද රථ ඇතුලු වෙනත් වාහන බස් මංතිරුවේ ගමන් කිරීම හේතුවෙන් බස් රථ ධාවනය ගැටලුවක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිලිවල අද සිට ආරම්භ කරන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

Related posts

දුර ගමන් බස් සඳහා ඉංජිනේරු වාර්තාව අනිවාර්යය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය

Editor O

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනපති සුදානම්

Mohamed Dilsad

ධනුෂ්ක ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

Leave a Comment