දේශීය

දඩ කොලේ ගෙදර එවන වැඩේ කරන්න එපා! | බස් සංගම් සභාපති කට අරියි

(UTV | කොළඹ) – රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙළ සඳහා බස් රථ නියාමනය කරන්නේනම් අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.
ත්‍රී රෝද රථ ඇතුලු වෙනත් වාහන බස් මංතිරුවේ ගමන් කිරීම හේතුවෙන් බස් රථ ධාවනය ගැටලුවක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිලිවල අද සිට ආරම්භ කරන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

Related posts

චීනයෙන් ගෙනා මාළු ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

විදේශ ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ජනපතිවරණය සටනක් නොවේ. මම එන්නේ රට වෙනුවෙන් – රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment