Trending Newsඑසැන පුවත්දේශීය

ජනපතිවරණය සටනක් නොවේ. මම එන්නේ රට වෙනුවෙන් – රනිල් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –

මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති සමග බවත්, ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මාධ්‍ය ප්‍රධානීන් සමග ජනපතිවරයා අද (07) පැවැති හමුවකදී මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා.මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්.  අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන් යැයි ද කීවේය.

 

Related posts

Hutch and Etisalat agree to merge their operations in Sri Lanka

Mohamed Dilsad

Bus fares revised from today

Mohamed Dilsad

කොවිඩ් -19 ප්‍රතිකාර වෙනුවෙන් තවත් රෝහල් දෙකක් වෙන්කෙරේ

Mohamed Dilsad

Leave a Comment