Trending Newsඑසැන පුවත්දේශීය

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 429ක් රට පුරා. ඒ් ආශ්‍රිතව පසුගිය වසරේ අනතුරු 74ක් : 24 ක් මරුට

මෙරට තුළ ඇති දුම්රිය හරස් මාර්ග 1362 න් 429 ක්ම අනාරක්ෂිත බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. දුම්රිය සංඥා උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහත සඳහන් කළේ, උඩරට, ත්‍රිකුණාමලය හා මඩකලපුව මාර්ගවල හරස් මාර්ග 234 ක් සහ ප්‍රධාන මාර්ගය ඇතුළු දුම්රිය මාර්ගවල 134 ක් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවයි.

ප්‍රධාන මාර්ගය ඇතුළු බහුලව දුම්රිය ගමනාගමනය සිදුවන මාර්ගවල ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 134 ප්‍රතිසංස්කරණය කිරීම හා අලුතින් ‘බෙල් ඇන්ඩ් ලයිට්’ යෙදවීමට ප්‍රමුඛතාව ලබාදී ඇතැයි ද ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කළේය.

මේ අතරින් වඩාත් ඉක්මනින් ‘බෙල් ඇන්ඩ් ලයිට්’ යෙදවීමට ඇති දුම්රිය හරස් මාර්ග 65 ක් තිබෙන බවත්, එයින් මහව – ඕමන්ත ව්‍යාපෘතියේදී හඳුනාගත් දුම්රිය හරස් මාර්ග 46 ක් ඉන්දියානු ණය ආධාර යටතේත්, සෙසු හරස් මාර්ග 20 දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදමින් ප්‍රතිසංස්කරණය කරන හෙතෙම කීවේය.

මේ අතර, පසුගිය වසරේදී දුම්රිය හරස් මාර්ගවල සිදුව ඇති අනතුරු ගණන 74 ක් වන අතර ඉන් පුද්ගලයන් 24 දෙනක් මිය ගොස් ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, මේ වසරේ පළමු කාර්තුව තුළද ආරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල අනතුරු 11 ක් සිදුව තිබෙන බවත් ඉන් ජීවිත හානි වාර්තා වී නැහැ.

Related posts

Judicature Amendment Bill passed in Parliament

Mohamed Dilsad

ජනපති නියමයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම්

Mohamed Dilsad

அந்தமான் தீவுகளில் 5.6 ரிக்டர் அளவில் நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment