දේශීය

ගම්පොළ සිදුවූ මාරක රිය අනතුරින් තිදෙනෙක් මරුට

(UTV |  පේරාදෙණිය) –  පේරාදෙණිය ගම්පොළ මාර්ගයේ ගෙලිඔය – කරමඩ ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවලක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

ඊයේ පස්වරුවේ ගෙලිඔය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ගමන් ගත් පදිකයෙකුගේ ගැටී තිබෙන අතර , ඒ සමඟම එම දිශාවටම ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ වැටී සිටි පදිකයා යටකරගෙන ගොස් ඉදිරියේ නවතා තිබූ මෝටර් රථයක ද ගැටී පෙරළී ගොස් ඇත.

අනතුරින් එහිදී ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් සහ ඇයගේ ස්වාමි පුරුෂයා මෙන්ම පදිකයා ද මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

මිය ගොස් ඇත්තේ රැකවල්පොළ ගම සහ වෙලෙම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 සහ 53 හැවිරිදි වියේ පසු වූ අඹු – සැමි යුවළක් වන අතර පදික පුද්ගලයා ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.

Related posts

ඇඳිරි ඇඳිරි නීතිය අවසන් වන තුරු කොටස් වෙළඳපොළ විවෘත නොකෙරේ

Mohamed Dilsad

මඩකලපුව අධිකරණ සංකීර්ණයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් – ආරක්ෂාව තර කෙරේ.

Editor O

ඉන්දියාවේ, කේරළයේ ජාත්‍යන්තර වරායක් විවෘත කරයි. : කොළඹ වරායේ ආදායමටත් දැඩි බලපෑමක්

Editor O

Leave a Comment