දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

(UTV | කොළඹ) – අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.

නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කර සිටියේ, අදාළ මිල අඩු වීම පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ත් මෙලෙස මිල අඩු කරනු ලබන්නේ සාමාන්‍ය බස් ගාස්තු පමණක් බවත් ය.

බස් ගාස්තු පහළ දමන ප්‍රතිශතය අද (04) දහවල් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු වැඩිදුරට ත් පැවසී ය.

Related posts

වැලිවිට සුද්දා සහ ආඳාදොළ රංගත් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත : කැබිනට් පත්‍රිකාව අද

Mohamed Dilsad

පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාරවලට දීර්ඝ පෝලිම් : ජීවිත අවදානම ඉහළට

Editor O

Leave a Comment